එලිසබෙත් රැජිණ සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

February 28, 2021

තමන් අවට සිටින්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිතා කොවිඩ් එන්නත ලබා ගන්නා ලෙස බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණ සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඇය පෙන්වා දී ඇත්තේ, එන්නත ලබා ගැනීමෙන් කිසිදු වේදනාවක් ඇති නොවන බවය.

94 හැවිරිදි බ්‍රිතාන්‍ය රැජිණ සහ 99 හැවිරිදි ඇයගේ සැමියා ජනවාරි මාසයේදී කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත්හ.

වීඩියෝ ඇමතුමක් හරහා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් අමතමින් ඇය මෙම ඉල්ලීම සිදු කළාය.

t

o

p