රත්නපුරයෙන් තවත් ආසාදිතයින් 62ක්

February 28, 2021

ගතවූ පැය 24 තුල මෙරටින් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 460 දෙනෙක් හඳුනාගෙන තිබේ.

එම පුද්ගලයින් අතරින් 35 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වෙයි.

ඉතිරි පුද්ගලයින් 425 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වෙයි.

හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ඒ ආසාදිතයින් 62ක් ලෙසයි.

ඊට අමතරව යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 59ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 51ක් ලෙස වාර්තා වෙයි.

t

o

p