සා.පෙළ විභාගය හෙටින් ඇරඹේ

February 28, 2021

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙටින් (01) ආරම්භ වීමට නියමිතයි.

නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ හෙට දිනයේ සිට සාමාන්‍ය විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

අපේක්ෂකයින් 622,352 දෙදෙනෙක් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටියි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් කල්දැමුණි.

t

o

p