HNB FINANCE වෙතින් කෝවිඞ් පාලනයට තී‍්‍රරෝද රථ සඳහා ‘‘මගී ආරක්ෂණ ආවරණ‘‘

February 17, 2021

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සේවා සම්පාදකයකු වන HNB FINANCE PLC සිය ආයතනික සමාජ වගකීම් ප‍්‍රවේශය යටතේ කෝවිඞ් 19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා පියවර ගනිමින් ත‍්‍රීරෝද රථ රියැදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සහ නුගේගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරී මාධව ගොඩගෙදර මහතාගේ සහායද ඇතිව HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂ ප‍්‍රධාන විධායක නිළධාරී චමින්ද ප‍්‍රභාත් මහතාගේ සහ බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල කටුපිටිය මහතාගේ  ප‍්‍රධානත්වයෙන් නුගේගොඩ, මිරිහාන පොලිස් කී‍්‍රඩා පිටියේදී සංවිධානය කරන ලදි.

මෙහිදී කෝවිඞ් වසංගත තත්වය තුළ මගීන් ගෙන යෑමේදී සහ මගී සේවා පවත්වාගෙන යෑමේදී පිළිිපැදිය යුතු සෞඛ්‍යය පිළිවෙත් පිළිබඳව ත‍්‍රීරෝද රථ රියැදුරන් දැනුවත් කිරීම මෙම වැඩසටහනේ මුඛ්‍ය අරමුණ විය.

මෙම වැඩසටහන සඳහා නුගේගොඩ සහ ඒ අවට මගී සේවා පවත්වාගෙන යනු ලබන ත‍්‍රීරෝද රථ රියදුරන් 250ක් පමණ සහභාගී වූ අතර ඔවුන්ගේ ත‍්‍රීරෝද සඳහා ප‍්‍රමිතියානුකූල මගී ආරක්ෂණ ආවරණ සහ ත‍්‍රීරෝද රථ රියැදුරන් සඳහා ප‍්‍රමිතියානුකූල මුඛ ආවරණ ලබා දීමට ද HNB FINANCE සමාගම කටයුතු කරන ලදි.

t

o

p