පසුගිය රජය සමයේ වෙළඳ අමාත්‍යාංශයේ රුපියල් බිලියන 08 ක ගනුදෙනු සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

February 9, 2021

2015 සිට 2019 දක්වා කාල සීමාව තුල වෙළඳ අමාත්‍යාංශයේ සිදුව ඇති ඇතැම් අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ අල්ලස් හා දූෂණ චෝදනා කොමිසමෙන් විමර්ශන සිදු කෙරෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (09) පැවැසීය.

එම කාල වකවානුව තුළ සතොස ඇතුළු ආයතන අසාමාන්‍ය ලෙස පාඩු ලැබීම විශාල ගැටළුවල් බව ද  පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයකට පිළීතුරු ලබා දෙමින් අමාත්‍යවරයා කීවේය.

එම කාල සීමාවේ ගනුදෙනු වලට අදාළව සැපයුම්කරුවන් වෙනුවෙන් ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 08 ක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධව වෝහාරික විගණයක්ද සිදු කෙරෙන අතර , අදාළ ගනුදෙනු වලට සම්බන්ධ ලිපි ගොනු අස්ථාන ගතව ඇතැයි සැපයුම් ආයතන පැවසීම ප්‍රබල ගැටළුවක් බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කීවේය.

රාජ්‍ය බලය අයුතු ලෙස භාවිත නොකළ යුතු  බවත් , එසේ සිදු කර ඇති පාර්ශව සම්බන්ධයෙන් පියවර ගතයුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

t

o

p