ශ්‍රී ලංකාවේ උතුරේ දූපත් 3ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට ටෙන්ඩරයක් ප්රදානය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවට දැඩි විරෝධයක් පළ කර ඇතැයි වාර්තා වනවා.
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධ අර්බුධය හට ගැනීමට පෙරම ඉන්දියාව මෙම විරෝධය පල කර තිබූ බවයි.
මෙම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ජනවාරි 18 දා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබුණා.
රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ආරක්ෂක අවදානම මුල් කර ගනිමින් ඉන්දියාවේ මෙම විරෝධය මතුව ඇති බවයි.