පාසල් හෙට(11) ඇරඹේ

January 10, 2021

බස්නාහිර සහ හුදකලා ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පාසල් හෙට(11) ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය පවසයි.

එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, ඊට අදාළ අධීක්ෂණ කටයුතු අද දිනයේදීත් පැවැත්වෙන බවයි.

මේ අතර බස් රථ ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ , සිසුන් වෙනුවෙන් සිසු සැරිය බස් රථ වැඩි සංඛ්‍යාවක් යොදා ඇති අතර අමතර බස් සේවා අවශ්‍ය නම් කලාප අධ්‍යක්ෂවරුන්ගේ ඉල්ලීම පරිදි ලබා දීමට ද පියවර ගෙන ඇති බවයි.

t

o

p