දේශපාලන හිතවත්කම් මත ශ්‍රී ලංකා විදේශ සේවයට නිලධාරින් පත් කරන්නේ නෑ – විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

January 7, 2021

දේශපාලන හිතවත්කම් මත ශ්‍රී ලංකා විදේශ සේවයට නිලධාරින් පත් නොකරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තූවේදී අද(07) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා විදේශ සේවයට නිලධාරින් පත්වූයේ විභාග ක්‍රමයකින් බවත්, එම තත්ත්වය වර්තමානයේදී වෙනස් වී ඇති බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා චෝදනාවක් කළේය.

ඊට පිළිතුරු දුන් විදේශ අමාත්‍යවයා පැවසුවේ විදේශ සේවයේ පත්වීම් ලබාදීමේ ක්‍රමවේදය විධිමත් බවත්, එම පත්වීම් කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු කමිටුවකින්ද අනුමත වන බවයි.

t

o

p