කාන්තාවකට ලිංගික අතවර කළැයි යක්කලමුල්ල ප්‍රදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

January 6, 2021

යක්කලමුල්ල, නාකියාදෙණිය බටකැතිය ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කලැයි යක්කලමුල්ල ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු යක්කලමුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අදාළ කාන්තාවගේ ඥාතියෙකු ද වන අතර 46 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අදාළ මන්ත්‍රීවරයා ඊයේ (05) සවස පැමිණිලිකාර 27 හැවිරිදි තිදරු මවට ලිංගික අතවර කිරිමට උත්සාහ කර ඇති අතර ඇය වැන්දඹූ කාන්තාවක් බවද පොලිසිය පවසයි.

ඇය සිද්ධිය සම්බන්ධයෙන් යක්කලමුල්ල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කරලා ලද විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

t

o

p