ගෙවි ගිය වසර තුළ සෑම දිනකම වනාන්තර අක්කර 10 ට වඩා විනාශයි

January 4, 2021

පසුගිය වසර ලංකාව පුරා දැවැන්ත පාරිසරික විනාශයක් සිදු වූ බව පරිසර හා ස්වභාදහම් මධ්‍යස්ථානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මෙසේද කියයි.

 එය අප දන්නා ඉතිහාසය තුළ සිදු වූ දැවැන්තම වන විනාශය හා වෙනත් පාරිසරික විනාශයන් වලින් සමන්විත විය .

පරිසර ප්‍රශ්නය පරිසරය විසින් නිර්මාණය කරන ලද්දක් නොව එය මෙම  ආර්ථික සමාජ රටාව විසින් නිර්මාණය කරන ලද්දකි. මෙම කියවීම තුළ රට තුළ සිදු වූ පරිසර විනාශය මනාව කියවා ගැනීමට අපට හැකි වේ . corona උවදුර විසින්  සොබාදහම සමග ඇති ගනුදෙනුවේ ස්වභාවය අපට නැවතත් මතක් කර දුන්නද රට තුළ එය පහවයත්ම ඇතිවන්නට පටන් ගත්තෙ දැවැන්ත වන විනාශයක් ය .

පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් දැනට ගණන් බලා ඇති පරිදි පසුගිය ජනවාරි මාසයේ සිට දෙසැම්බර් 31 වනදා දක්වා නිමා වන වසර තුළ සෑම දිනකටම ලංකාවේ පොදු වනාන්තරවලින් දිනකට අක්කර දහයකට වැඩි ප්‍රමාණයක් රටට අහිමි වී ඇත .

ඒ කැලෑ ගිනි තැබීම් , පෞද්ගලික අයිතියට කැලෑ ලබාදීම් , වනාන්තර එලි කිරීම් යන සමස්ත ක්‍රියාවලිය තුළම රටට සෑම දිනකම අක්කර 10 කට වැඩි ප්‍රමාණයක් අහිමි වී ඇත .

5/2001,5/1998 2/2006 වැනි අවශේෂ වනාතර ආරක්ෂාවට තිබු චක්‍රලේඛ ඉවත් කරමින් 01/2020 චක්‍රලේඛය නිකුත් කරන ලදි. චක්‍රලේඛ අහෝසි කිරීම , පරිසර තක්සේරු වාර්තා නොමැතිව සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීම ,දේශපාලන වුවමනාවන් මත වනාන්තර පෞද්ගලික අයිතියට පැවරීම වැනි ක්‍රියා ප්‍රබලව දැකීමට හැකිවිය . සංවර්ධනය මූලික කරගත් සෞභාග්‍යයේ දැක්ම නැමැති පාටය හුවා දක්වමි ලංකාවේ ස්වභාවික පරිසරය විනාශ කිරීම හා පරිසර නීතිය උල්ලංඝනය කිරීම් පසුගිය වසර පුරාවට අපට දැක ගැනීමට හැකි විය .

t

o

p