කොරෝනා සුව කරන කාලි පැණියක් පිළිබඳ ව සුවිසල් අවධානයක් යොමුවන
වර්තමානයේ හලාවත මුන්නේශ්වරමේ කාලි මාතා කෝවිල පසුගිය 29 දා
බිඳ එහි තිබු කාලි මාතා ප්‍රතිමාවක් සොරා ගෙන ගොස් තිබේ. එම කෝවිලේ
භාරකරු බව කියන කාන්තාවක් විසින් එදිනම පස්වරුවේ හලාවත පොලිසියට මේ
සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද කර ඇත.
කෝවිලේ දේවප්‍රතිමාවන්
තැන්පත් කර ඇති කාමරයේ තැන්පත් කර තිබූ මෙම දේව
මාතා ප්‍රතිමාව අතුරු දහන්ව ඇති බවත් එය කිසිවකු
විසින් පැහැර ගෙන ගොස්
ඇති බවට තමන් සැකකරන බවත් එම පැමිණිල්ල මඟින් ඇය
විසින් පොලිසියට දන්වා
තිබුණි. පස්ලෝ වලින් ඉන්දියාවේ දි නිපදවා ඇති මෙම ප්‍රතිමාව
බැතිමතුන්ගේ
විශේෂ ගෞරවාදරයට භාජනය ව පැවැති බවත් ඇය කියා තිබේ.
නමුදු මේ සම්බන්ධයෙන්
මාධ්‍යයට කිසිවක් පැවැසිමට අකමැති බව කියමින් කිසිදු
ප්‍රකාශයක් ලබා දීම
ද ඇය ප්‍රතික්ෂේප කොට ඇත. හලාවත පොලිසියේ අපරාධ
විමර්ශන ඒකකයේ නිලධාරින්
මෙම කෝවිලට පස්වරු පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කොට
ඇත. මෙදි දී අදහස් පළ
කළ නිලධාරියකු කියා සිටියේ මේ දිනවල රටපුරා පවතින
කාලි උන්මාදය මත මෙම
ප්‍රතිමාවට ද අමුතු වටිනාකමක් ආරෝපණය වීම මත
සංවිධානාත්මක ලෙස පැහැර ගෙන
යාහැකි බවය.මේ එකී නොකී සියළු කරුණු මුල් කොට අප
විසින් කරන ලද විද්වත්
මත විමසුමකි.
“කොරෝනා වලට කාලි
අම්මා දීපු වට්ටෝරුවකින් පැණියක් හදලා කියන්නේ
ඇත්තද?” පහුගිය දවස් වල දහ
පහලොස් දෙනෙක් නැත්නම් ඊටත් වැඩි දෙනෙක් මගෙන්
ඔය ප්‍රශ්නය අහන්න ඇති. ඒත්, ඔය වගේ ප්‍රශ්නයක්
මගෙන් අහන්න හේතුව මටත්
මුලදී ප්‍රශ්නයක් වුණා. එතකොට ඒ කීප දෙනෙක්ම කිව්වේ
ඔබතුමා කාලයක් ජාතික
කෞතුකාගාර අධ්‍යක්ෂ වෙලා හිටපු හින්දා ඔය ගැන දන්නවා
ඇතිනේ කියලයි. ඒ
එක්කම කාලි අම්මා ලෙඩ සුව කරන කතාව කෞතුකාගාර
පුස්තකාලයේ තියන පරණ
පුස්කොළ පොත් වල ඇතිනේ කියලත් සමහරු කිව්වා. ඒත්, ඉතින්
කෞතුකාගාර
පුස්තකාලයේ තියන හැම පරණ පුස්කොළ පොතක්ම මම කියවලා
නැහැ තමයි. නමුත්,කාලි
බෙහෙත් කියලා ලෙඩ්ඩු සනීප කරපු කතාවක් ඒ කිසිම
පුස්කොළ පොතක ඇතියි
කියලා මම හිතන්නේ නැහැ. හැබැයි කොළඹ ජාතික
කෞතුකාගාරේ පොලොන්නරු යුගයට
අයිති ශෛලමය කාලි ප්‍රතිමාවක් නම් තියනවා. ඒකෙත් යට
කොටසට හානි
වෙලා,කොහොමත් මේ දවස් වල රටේ පැන නැඟිලා තියන
කාලි පැණි උන්මාදය මුල්
කරගෙන උන්දෑ ගැන මං දන්න වංහුං ටිකක් හෙලි කරන්න මට
හිතුණා.
කාලි කියන්නේ ඉන්දියානු සංස්කෘතියට අයිති දෙවඟනක්. ඉන්දියානු
හින්දු දේව
ත්‍රිමුර්තියේ මුලටම එන ශිව හඳුන්වන්නේ මහා කාල
කියලයි. කාලි කියන්නේ මේ
මහා කාලගේ එක අවතාරයක් කියන එක තමයි ප්‍රකටම මතය. නමුත්
මෙතනදී අවතාර
කියන්නේ ඒ දෙවියන්ගේ එක්තරා දිව්‍යමය ස්වරූපයකට
මිසක් අපේ රටේ ව්‍යවහාර
වෙන විදිහට හොල්මන් අවතාර වලට එහෙම නෙවෙයි. ශිව
දෙවියන්ගේ අවතාරයක් වුණු
කාලිටත් වෙනම අවතාර, ඒ කියන්නේ ස්වරූපයන්
දොලහක් තියනවා කියලා හින්දු දේව
කතාවල සඳහන් වෙනවා. ඒ දොලහ ආදිය කාලි, චින්තාමනී
කාලි, සන්තිති කාලි,
සිද්ධිකාලි, දක්ෂිණ කාලි. භද්‍ර කාලි, ශ්මාසන කාලි, අධර්වන කාලි, කම්කාල
කාලි, ගුප්ත කාලි, හම්ස කාලි, කාලසංකර්ශිනී
කාලි විදිහට හඳුන්වන්න
පුළුවන්.
අපේ රටේ ජන විශ්වාස වලට අනුවත් කාලිට අවතාර, ඒ කියන්නේ ස්වරූප අටක්
තියනවා. ඒ භද්‍ර කාලී, සොහොන් කාලී, රීරි කාලී, වදුරු කාලී, පුළුටු කාලී
ගිනි කාලී,මරු කාලී සහ පේන කාලී විදිහට. සමහර ලේඛන වල මේ නම් තරමක් වෙනස්
විදිහටත් දක්වලා තියනවා. මේ අතරින් වදුරු කාලී කියන නම සමහරු “වඳුරු කාලී”
කියලා පත්තර වලට පවා ලියලා තියන හැටි මම දැකලා තියනවා. කාලිට වඳුරු කාලී
කියන්නේ ඇය වැඳිරියක් කියලා හිතාගෙන ද දන්නේ නැහැ. නමුත්, මෙතන වදුරු කියන්නේ වසූරිය කියන එකට. කෝට්ටේ ලියවුණු යෝගරත්නාකරය කියන වෙද පොතෙනුත් ඒ බව තහවුරු වෙනවා. ඒ කියන විදිහට නම් කාලි කියන්නේ වසංගත රෝග පතුරුවන්නියක් මිසක් හොඳ කරන්නියක් නෙවෙයි. අපේ රටේ කාලිඅවතාරයි ඉන්දියානු කාලි අවතාරයි අතරේ යම් යම් වෙනස් කම් තියනවා තමයි.
නමුත් භද්‍ර කාලි, ශ්මාසන කාලි කියන කාලි අවතාර දෙක නම් රටවල් දෙකේම තියන
බව පේනවා. කාලී භද්‍ර කාලී විදිහට ප්‍රසිද්ධ වෙන්නේ මහීෂ කියන මහා ප්‍රබල
අසුරයා විනාශ කළ නිසා කියලයි හින්දු දේව කතා වල සඳහන් වෙන්නේ. කාලිට, ශ්මාසන නම පටබැඳෙන්නේ මහීෂ අසුරයා ගේ සේනාව සමූල ඝාතනය කරපු නිසාලු. ස්මාශන කියලා වචනයක් සිංහල භාෂාවේ නැති වුණාට සංස්කෘත වල තියනවා. ඒකෙ තේරුම සොහොන් පිටිය කියන එකයි. මහීෂ අසුරයාගේ සේනාව හිටපු රණ භූමිය එකම සොහොන් පිටියක් කරපු නිසා තමයි කාලිට ස්මාශන නම පටබැඳිලා තියෙන්නේ. ඒකට තමයි අපි සිංහලෙන් සොහොන් කාලි කියන්නේ දවසක් මම සාත්තර මෑණි කෙනෙකුගෙන් ඇයි මේ කාලි මෑණියන්ට සොහොන් කාලි කියන්නේ කියලා ඇහුවා. එතකොට මුන්දෑ ගත්තු කටටම කියනවා සොහොන් වල බුදියන හින්දා කියලා. ඒත් එක්කම මම අහපු ප්‍රශ්නෙට නම් මේ සාත්තර මෑණියන්ට කාලි මෑණියන්ටත්වඩා තරහා ගියානේ. මම ඒ මෑණියන්ගෙන් ඇහුවේ “දවල්ද?” කියලා විතරමයි. මොකද? අමනුස්සයො තමන්ගේ බලේ ක්‍රියාත්මක කරන්නේ රෑට නම් දවල්ට හරි එපායැ ටිකක් නිදාගන්න.
ලෝකයේ හැම ජන සංස්කෘතියකම වගේ මරණය විනාශය සංකේතනය
කරන දෙවි දේවතාවන්
ඉන්නවා. ඉන්දියානු වගේම අපේ ජන සංස්කෘතියට අනුවත්
මරණයේ විනාශයේ දෙවඟන
විදිහට සැලකෙන්නේ කාලි තමයි. ලංකාවේ වගේම ඉන්දියාවේ
කාලි රූප වලින් කාලි
දෙවඟන ගේ එක එක ස්වරූප දැක්වෙනවා. ඒ රූප බොහොමයක
කාලිගේ රංගන ඉරියව්වකින්
දැක්වෙනවා. ඒ කාලි රූපය දරුණු වගේම අඩ නිරුවත්
ස්වරූපයෙන් දක්වා තිබීමත්
විශේෂත්වයක්. ඒ අතරේ කාලි නිල් පාට ශරීරයක්
ඇති කෙනෙකුව පාගා ගෙන නට නටා ඉන්න රූපයකුත් ඔබ දැකලා ඇති. ඒ විදිහට කාලිට යට වලා
පෑගිලා ඉන්නේ කාලිගේ ස්වාමි පුරුෂයා. ශිව. එක කාලෙක
ශිවගේ බලය හීන වෙලා ගිහින් ශිව ශව වුණාලු. ශව
කියන්නේ මළ සිරුර කියන එකට
සමාජයේ යුක්ති ධර්මය යටවීමත් එක්කම අධර්මයේ ඉස්මතු
වීම කාලි මේ විදිහට
ශිවගේ ඇඟ උඩ නට නටා ඉන්න රූපයෙන් කියවෙන බවක් තමයි
මානව විද්‍යාඥයන්ගේ
මතය. කොහොම වුණත් ඕක සමාජයේ සැමියන්ට වුණත් හොඳ
පාඩමක්. මොකද? පවුල්
ජීවිතයේදී සැමියාගේ ප්‍රබලත්වය, පෞරුෂය
බිඳවැටුණම බිරිඳ කාලි වගේ සැමියාව
යට කර ගන්න පුළුවන් කියන පණිවිඩේනෙ මේකෙන් දෙන්නේ
අපේ බෞද්ධ සාහිත්‍යයෙත්
කාලි කෙනෙක් ඉන්නවා. හැබැයි ඒ නම් යකින්නක්.
ඒ කාලි යකින්නගේ කතාව තියෙන්නේ ධම්ම පදයේ එන අතිශය ජනප්‍රිය නහී වේරේන
වේරානි, ඒකියන්නේ වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියන
ගාථාවේ නිදාන කතාව
විදිහට. බුදු හාමුදුරුවෝ සැවැත් නුවර ජේතවනාරාමයේ
වැඩ ඉන්න කාලේ එක තරුණ
අම්මා කෙනෙකුගේ ලේ කැටි බිළිඳෙක් ළඟට එන විරූපී
යකින්නක් ඒ බිළිඳාගේ ලේ
බොනවා. දරුවා මැරෙනවා. ඒ තමයි කාලි යකින්න. පස්සේ ඒ
අම්මා ජේතවනාරාමෙට
දුවගෙන ඇවිත් මේ විපත්තිය කියනවා. පස්සේ බුදු
හාමුදුරුවෝ මේ කාලි යකින්නත්
ඉස්සරහදිම මේ ප්‍රශ්නය විසඳනවා. ඒ දරුවගේ අම්මයි, කාලි යකින්නයි
අතීත භවයක
සැවැත් නුවරම ජීවත් වුණු කෙනෙකුගේ භාර්යාවෝ
දෙන්නෙක්. ඒ කාලේ ඇතිවුණු
වෛරයක් තමයි, දිගින් දිගටම ඇවිත් නියෙන්නේ. දඹදෙණි යුගයේ
ධර්මසේන හාමුදුරුවෝ
ලියපු සද්ධර්මරත්නාවලිය කියන බණපොතේ මේ කාලි
යකින්නගේ වස්තුව හරි ලස්සනට
ලියැවිලා තියනවා. බුදු බණ අහපු කාලි යකින්න ඊට පස්සේ
දැහැමි ජීවිතයක් ගත
කළා කියලා තමයි කතාවේ තියෙන්නේ. නමුත් ඊට පස්සේ කාලි
බේත් කියලා ලෙඩ්ඩු
සුවපත් කළා කියලා කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. ඒ
හින්දා මේ කාලි පැණියේ
කතාව මානව විද්‍යාත්මක විදිහටත් කොහොමවත් සනාථ කරන්න
බැහැ.
අපේ ජන සංස්කෘතියේ විදිහට වසූරිය, පැපොල, සරම්ප, කම්මුල් ගාය
වගේ වසංගත රෝග
හැඳින්වුණේ දෙයියන්ගේ ලෙඩ කියලා. කෝට්ටේ යුගයෙදී අපේ
රටේ ව්‍යාප්ත වුණු
පත්තිනි ඇදහීමත් එක්ක ජාතියේ “රෝග සුවකාරක
දේවතාවිය” වුණේ පත්තිනි
දේවියයි. පුද්ගල, පවුල් වගේම ගම්
මට්ටමින් රෝග සුවය මුල් කොට ගත්තු පූජා
චාරිත්‍ර තිබුණා. අපි කවුරුත් දන්න ගම්මඩුව ශාන්ති
කර්මය ඒ අතරින්
ප්‍රධානයි. මේ ගම්මඩුවේ දී කාලි පතුරුවන වසංගත
මැඩලන්න සිද්ද කෙරෙන අභිචාර
විධි ගැන රිචර්ඩ් ගොම්‍රිරිච්, මහාචාර්ය ගණනාථ
ඔබේසේකර වගේ විද්වත්තු
ලියපු Buddhism Transformed- Religious Change in
Srilanka කියන පොතේත්
විස්තර තියනවා. මේ සියළුම කරුණු කාරණා සලකලා බලන කොට
කොරෝනා වසංගතය නැති කරන්න වසංගත රෝග පතුරුවන්නියක් දුන්නය කියලා උපන්තේකට වෙද
හෙදකමක් නොදන්න මනුස්සයෙක් කියපු බේතක් ගැන රටේ ඉහළම පුර වැසියන්ගේ ඉඳලා
විශ්වාසේ තියපු එක අපේ ජාතික මන්ද බුද්ධිකතාව
පෙන්නුම් කරන හොඳම උදාහරණයක් කියලයි මට හිතෙන්නේ.
හැබැයි ඉතින් ඉන්දියාවෙන් ආපු කාලි අවතාර වල ඉන්දියාවවත් නොදන්න “ශ්‍රී ලංකන් වර්ෂන්
එක” ඒ කියන්නේ පැණි කාලි වර්ෂන් එක අපේ; ඒක ලෝකෙටම එකයි කියලා සතුටු වෙන
පිරිසකුත් අපි අතරේ ඉන්න පුළුවන් මොකද? මොනවා වුණත් ඒක “මේඩ් ඉන් ශ්‍රී
ලංකා” හින්දා
හිටපු ජාතික කෞතුකාගාර සහ කැලණි විශ්ව විද්‍යාලයීය පුරා විද්‍යා පශ්චාත්
උපාධි ආයතනයේ අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා පුරා විද්‍යාඥයන්ගේ සභාවේ
සමාරම්භක ලේකම්
ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ