පළමු ටෙස්ට් තරගය දකුණු අප්‍රිකානුවෝ ජය ගනිති

December 30, 2020

ඊයේ සෙන්චූරියන්හි නිමාවට පත් වූ පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 45ක පරාජයක් අත්විඳ ගැනීමට ඊයේ ශ්‍රී ලංකා පිලට සිදු විය. ශ්‍

රී ලංකා ඉනිම ඊයේ දිවා ආහාරයෙන් මොහොතකට පසු ලකුණු 180කින් නිමාවට පත් වූයේ දින එකහමාරක්ම ඉතිරිව තිබියදීය.

පළමු ඉනිමේදී ආබාධයකට ලක් වූ ධනංජය ද සිල්වා පිතිකරණයට නොපැමිණි අතර, කඩුලු 9ක් බිඳ වැටීමෙන් පසු මේ දරුණු පරාජයට ශ්‍රී ලංකා පිල ගොදුරු විය.

මේ ජයග්‍රහණයත් සමග තරග 2කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 1-0 කින් පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානුවන් සමත් වූ අතර, දකුණු අප්‍රිකානු භූමියේදී පළමු ඉනිම සඳහා විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කර තිබියදීත් ඉනිමක පරාජයක් අත්විඳීමට සිදුවූ පළමු සංචාරක කණ්ඩායම වීමේ අවාසනාවන්ත වාර්තාවත් කරපින්නා ගැනීමට ශ්‍රී ලංකා පිලට සිදු විය.

t

o

p