ශ්‍රී පාද වන්දනාව ඇරඹෙයි

December 30, 2020

සිරිපා වන්දනා වාරය ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව බැතිමතුන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (29) ආරම්භ කෙරුණි.

ශ්‍රී පාද පද්මය සුබ නැකතට අනුව සුවඳ පැණින් දෝවනය කිරීමෙන් පසු පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රාජමහා විහාරස්ථානයේ සිට රත්නපුර අවිස්සාවෙල්ල හැටන් මාර්ගය ඔස්සේත් බළන්ගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සෙත් රත්නපුර පලාබද්දල සහ රජමාවත ඔස්සේත් වැඩම කළ සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ තැන්පත් කිරීම බැතිමතුන්ගේ සාධු නද මධ්‍යයේ සිදුකරනු ලැබීය

t

o

p