තවත් කොවිඩ් ආසාදිතයන් 500 ක් – වේලුවනාරාම ප්‍රදේශය හුදකලා වෙයි

December 27, 2020

තවත් කොවිඩ් රෝගීන් 500 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

මෙම 500 දෙනා තුළ පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් 448 ක් හා බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් ආසාදිතයන් 52 ක් හඳුනා ගෙන ඇත.

ඒ අනුව දිවුලපිටිය ,පෑළියගොඩ කොවිඩ් පොකුර හා බන්ධනාගාර කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 36599 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොළඹ 09, වේලුවනාරාම පාර ප්‍රදේශය හුදකලා කර තිබේ.

ඊයේ (26) මධ්‍යම රාත්‍රීයේ සිට එම ප්‍රදේශය හුදකලා කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

කොවිඩ් -19 ආසාදිතයින් බහුලව වාර්තාවීම හේතුවෙන් එම ප්‍රදේශය හුදකලා කිරීමට පියවරගෙන ඇත.

t

o

p