නිරෝධායන නීති කඩ කළ තවත් පිරිසක් අත්අඩංගුවට

December 26, 2020

ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, දුරස්ථභාවය තබා නොගැනිම සහ මුව ආවරණ නොපැලඳීම යන හේතුන් මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පසුගිය ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 1829 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

t

o

p