එස්.ටි.එෆ් සෝදිසියෙන් එල්.ටී.ටී.ඊ සැගවූ ගිනි අවි කිහිපයක් හසුවේ

December 22, 2020

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් කළ සෝදිසි මෙහෙයුම්වලින් කිළිනොච්චිය විශ්ව විද්‍යාලය පසුපස කැලෑබද කොටසේ තිබි දිරාපත්වූ ගිනි අවි 5 ක් සොයා ගෙන ඇත.

යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානය භාවිතා කරන ලද වෙඩිතලාවක පිහිටා තිබු ප්‍රදේශයක වලදමා තිබියදී වර්ෂාව හේතුවෙන් මතු පිටට නිරාවරණය වී දිරාපත්ව තිබූ ගිනි අවි පහක් සහ උණ්ඩ විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ (21) සොයා ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් මීට අමතරව 21 හා 22 දින කළ සෝදිසි මෙහෙයුම්වලින් නිති විරෝධි මත්පැන්, කංසා ඇතුළු නිති විරෝධි භාණ්ඩ රැසක්ද සැකකරුවන් සමග අත්අඩංගුවට ගෙන ඇත.

ගම්පහ මාකේවිට උදුගොඩදී පුද්ගලයෙකු සමග මත්පැන් මිලි ලීටර් 67500 ක්, ගෝඩ් මිලි ලීටර් 54000 ක්, තඹ දගර 2 ක් ඇතුළු උපකරණ රැසක් සොයා ගෙන තිබේ. තවද කල්පිටියේදි අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 1800 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

දඹුල්ල ප්‍රදේශයේ කළ වැටලීමකදී පුබ්බෙගොඩ වෙළෙද සැලක තිබි ග්ලයිපොසෙට් අඩංගු වල් නාශක පැකට් 150 ක්, ග්ලයිපොසෙට් අඩංගු වල් නාශක බෝතල් 108 ක්, තීරුබදු රහිතව ගෙන්වන ලද දුම්වැටි 3600 ක් ද වෙළෙද සැල් හිමියා සමග අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව ඇතිමලේ ප්‍රදේශයේ ගංජා හේන් දෙකක් වටලා සැකකරුවන් සමග ඔවුන් සතු භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගත් බවද පොලිස් විශේෂ කාර්ය බලකා මාධ්‍ය අංශය සදහන් කරයි.

t

o

p