අංගොඩ ලොක්කාගේ සමීපතම ගෝලයෙකු අංගොඩදී අල්ලයි

December 14, 2020

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වූ අංගොඩ ලොක්කා නැමැත්තාගේ සගයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අංගොඩ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

සැකකුරු සතුව තිබී ගිනි අවි 2 ක්, ටි. 56 උණ්ඩ 18 ක් සොයාගත් බවත් 38 හැවිරිදි සැකකුරු ප්‍රබල අපරාධකරුවකුව සිට ඉන්දියාවට පැනගොස් සිටි අංගොඩ ලොක්කා නැමැති අපරාධකරුගේ සගයෙකු බව පැවසෙන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

අංගොඩ ලොක්කා නැමැත්තා මේ වන විට මියගොස් ඇති බවට වාර්තා වන බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා මොහු සැබෑවටම අංගොඩ ලොක්කා නැමැත්තාගේ සගයෙකු ද නැතිනම් වෙනත් අපරාධකරුවෙකුද, මොහු ඉන්දියාවේ සිට අංගොඩ ලොක්කා දුන් නියෝග ක්‍රියාත්මක කළාද යන්න ගැන වැඩිදුර විමර්ශන පැවැත්වෙන බවද පැවසීය.

පොලිස් විශේෂ කාර්ය බලකාය සමග මුල්ලේරියාව පොලිසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන පවත්වන බවද ඔහු සදහන් කළේය.

t

o

p