රෝගය සුවවී නිවසට යද්දී කොවිඩ් මධ්‍යස්ථානයේ දේපොල සොරාගත් 4 ක් අල්ලයි

December 14, 2020

වාලච්චේන පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා සුවවී පිටව ගිය පුද්ගලයන් 4 දෙනෙකු එහි දේපොල සොරාගැනීමක් සම්බන්ධයෙන් වාලච්චේන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් හතර දෙනා ඉකුත් 12 දා ප්‍රතිකාර ලබා පිටත්ව යාමට තිබියදී මෙම දේපොල සොරා ගෙන ඇති බව පූනානි කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය නිලධාරිවරයා වාලච්චේන පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තිබු ඉලෙක්ට්‍රෝනික උපකරණ ඇතුළු තවත් උපකරණ සොරා ගෙන ඇත.

සැකකරුවන්ගෙන් තිදෙනෙකු කොළඹ 2 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් පුද්ගලයෙකු මස්කෙලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

සැකකරුවන් වාලච්චේන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 18 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

යම් අයෙකුට කොවිඩ් 19 රෝගය වැළදුනු පසු ප්‍රතිකාර මධ්‍යස්ථානයක නවත්වා අහාර ඇතුළු සියළු පහසුකම් සපයද්දී මෙලෙස එම රෝහල්වල දේපොල සෙරකම් කිරිම කණගාටුදායක තත්ත්වයක් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

t

o

p