බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් බංග්ලාදේශ ජනපතිට සිය අක්ත පත්‍ර පිළිගන්වයි

December 13, 2020

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මහතා ඩකා හි ජනාධිපති මන්දිරයේ දී බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් මහතා වෙත සිය අක්ත පත්‍ර ලිපිය පිළිගැන්වීය.

නිල උත්සවයෙන් අනතුරුව, බංග්ලාදේශයේ ජනාධිපතිතුමා සහ මහ කොමසාරිස්වරයා අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණ.

සාකච්ඡාව අතරතුර දී, බංග්ලාදේශයේ අතිගරු ජනාධිපතිතුමා හිටපු ජනාධිපති හා වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ එතුමාගේ පැවති දීර්ඝ කාලීන සුහද ඇසුර සිහිපත් කළ අතර, ශ්‍රී ලංකාව පුනර්ජීවනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දරණ උත්සාහය පැසසුමට ලක් කළේය.

t

o

p