ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දකුණු අප්‍රිකා සංචාරය තීන්දුයි

December 13, 2020

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දකුණු අප්‍රිකා සංචාරය සැලසුම් කළ පරිදි ඉදිරියටත් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටී.

ඒ අනුව අදාළ තරගාවලිය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය යටතේ පවත්වනු ලබයි.

මහාචාර්ය අර්ජුන ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය ඒකකය විසින් කරන ලද තක්සේරුවකින් අනතුරුව මෙම තරග මාලාව ඉදිරියට රැගෙන යාම සඳහා අවසර දී තිබේ.

t

o

p