“අද හුඟක් මාධ්‍ය කාරයෝ කරන්නේ අනුන්ගේ කුණු කන්දල් අවුස්සන එක.
වැඩේ කියන්නේ අද හුඟක් මිනිස්සුත් කැමති ඒවටමනේ”ජන මාධ්‍ය නිදහස විවෘත සමාජ කතිකාවක් බවට පත් ව ඇති වර්තමානයේ සමහරු එසේ කියති.කුණු කන්දල් ඇවිස්සීම යන වදන තුළ කැටි වූ පිළිකුල,ජුගුප්සා සහගත බව මුල් කොට සිතීමේ දී එය නොකටයුතු පහත් දෙයක් සේ යමකුට හැඟී යා හැක.එහෙත්,මාධ්‍ය මගින් සිදු කරනු ලබන මෙම කුණු කන්දල් ඇවිස්සීම සමාජ විද්‍යාත්මක වශයෙන් ඉතා වැදගත් කාර්ය සංසිද්ධියකි.එබැවින් අපි දැන් ඒ පිළිබඳ සරල විමසුමක යෙදෙමු.
මෙම විමසුම ඇරඹීමේ දී මෙම කතිකාවට පාදක වන “අනුන්” යනු කවුරුන් දැයි අපි පලමුව විමසිය යුතු වෙමු.ඒ වදන යම් ජන සමාජයක් තුළ ඇති සකල විධ ආයතන,ඒවායේ නිල තල දරන්නවුන්,සකල විධ සමාජ හා ප්‍රජා ඒකක,ඒවා නියෝජනය කරන්නවුන් සහ සමාජයේ සියළු ජන කොටස් වලට අයත් පුද්ගලයන් ආදී වශයෙන් අර්ථ ගැන්විය හැකිය.
අනුන් යනුවෙන් හැඳින්වෙන මෙම සකල විධ ජන ප්‍රජාවන් පිළිබඳව ගුවන් තොටුපලක ඇති ඒටීසී කුළුනක් මත සිට එහි ධාවන පථ මත්තේ ඇති සියළු ගුවන් යානා නිරීක්ෂණය කරන්නාක් මෙන් මාධ්‍ය කරුවන් විසින් සංවිභාගශීලී විය යුතු බවට ලොව පිළිගත් මතයක් තිබේ.එම සංවිභාගශීලිත්වයෙන් නැතහොත් තියුණු අවධානයෙන් සමාජයේ සොරුන්ට මංකොල්ල කරුවන්ට සේම,සමාජ සම්මත ප්‍රභූන්ට,ආගමික නායකයන්ට
සේම රාජ්‍ය පාලකයන්ට ද ඉවත් විය නොහැක.
“ඇමරිකානු පත්තර හැම තිස්සෙම හැම කෙනාගෙම අඩු පාඩු විතරක් දකින්නේ ඇයි?”1994 වසරේ නොවැම්බර් 29 දා”වර්ල්ඩ් නෙට්” රූපවාහිනී වැඩ සටහන මඟින් පෙනී සිටි ඇමරිකාවේ වොෂින්ටන් ටයිම්ස් පුවත් පතේ මාධ්‍යවේදී බෙන් බාබර් ගෙන් අප්‍රිකානු ප්‍රේක්ෂකයකු අසා සිටියේය.”මිනිස්සු කැමති ප්‍රශ්න ගැටුම් ගැන දැන ගන්න මිසක් යහපත් සාධනීය දේවල් දැන ගන්න නෙවෙයි,අපි ඒ විදිහේ දේවල්ම ලියන්න ගත්තොත් මිනිස්සු පත්තර කියවන්නේ නැතුව යාවි.
අනික පත්තර කාරයෝ ඉන්නේ සමාජේ අඩු පාඩු හොයන්න නේන්නම්”එම පැනයට එසේ පිළිතුරු දුන් බෙන් බාබර් අනතුරුව මෙසේ ද කීය.”පත්තර කාරයෝ කියන්නේ ඉතින් සාමාජමය අසනීප වලට ප්‍රතිකාර කරන වෛද්‍ය වරු වගේ ජාතියක් නේ” බෙන් බාබර් කී ලෙසින්ම කිනම් හෝ පුවතක් ජන සමාජය වෙත සම්ප්‍රේෂණය වීමට එහි පවත්නා “උනුසුම්” බව ඉවහල් වෙයි.ප්‍රවෘත්ති වර්ගීකරණයේ දී”උනුසුම් පුවත්” යනුවෙන් නවතම වෙනම පුවත් විශේෂයක් හඳුන්වනු ලැබුව ද සමාජය වෙත සම්ප්‍රේෂණය වන සෑම පුවතකම කිනම් හෝ උනුසුමක් රැඳී තිබිය යුතුම ය.
ඊට හේතුව මාධ්‍ය මඟින් සම්ප්‍රේෂණය වන සෑම පුවතක්ම පලමුව මිනිසාගේ නිතර කුළු ගැන්වෙන භාවයන් ස්පර්ශ කිරීම ය.එම පුවත් මිනිසාගේ විඥාන මණ්ඩලයේ බුද්ධිමය කොටස හා සම්බන්ධ වනුයේ ඉන් පසුවය.එහෙත්, එම ක්‍රියාවලිය එම පුවතේ ඇති බුද්ධි ගෝචර බව හා එය සම්ප්‍රේෂණය කර ගන්නා තැනැත්තාගේ බුද්ධි මට්ටම හා සාපේක්ෂ වේ.නමුදු මේ සම්බන්ධයෙන් කිව යුතු විශේෂ යමක් ද තිබේ.
එනම් ලෝකයේ දියුණු වශයෙන් හැඳින්වෙන රටවල මාධ්‍ය මඟින් ප්‍රචාරය වන පුවත් වලට සාපේක්ෂව අප රට තුළ ප්‍රචාරය වන බොහෝ පුවත් තුළ භාවයන් සන්තර්පනය හෝ කුපිත කරවීම හැරුණු කොට බුද්ධිමය ශේෂයක් දක්නට නොතිබීම ය.
කිසියම් ජන සමාජයක් පුරා පැතිර ගිය වසංගත රෝගයකින් සියයට දශම එකක ජන ප්‍රතිශතයක් මිය ගියේ යැයි සිතමු.එවිට එම පුවත “අසවල් වසංගතයෙන් සියයට අනූ නවයයි දශම නවයක් ආරක්ෂිතයි” යනුවෙන් සකස් කළ හැක.
එසේ නොමැති නම් “සියයට දශම එකක ජනතාවක් මරුට” යනුවෙන් ද එය සම්ප්‍රේෂණය කළ හැක එහෙත්,ප්‍රවෘත්තියක් වශයෙන් එය උනුසුම් කොට ඉදිරිපත් කරන්නේ නම් කළ යුත්තේ “අසවල් වසංගතයෙන් සෑම දහස් දෙනකුගෙන්ම අයෙක් මරුට” යනුවෙන් සකස් කිරීම ය.ඇත්ත ඇති සැටියෙන්ම කිව හොත් තෙවනුව දැක් වූ පුවත කිසියම්”රස ගැන්වීමකට”ලක් කොට තිබේ.
එහෙත්,ප්‍රවෘත්ති කලාව අනුව බලන විට එහි කිසියම් දොසක් දැකිය නොහැක.ඊට හේතුව එම රස ගැන්වීම තුළින් එම පුවත වැඩිම පිරිසක්
වෙත සංප්‍රේෂණය කිරීමට ඇති හැකියාව ය.මෙම ශාස්ත්‍රය ප්‍රවෘත්ති”කලාව”
යනුවෙන් හැඳින්වෙනුයේ ද එනිසා ය.
ලිංගිකත්වය,ප්‍රචණ්ඩත්වය සහ භීතිය මිනිස් තිරිසන් සැමට පොදු සත්ව ආවේග ලෙස හඳුනා ගත හැක.එනිසාම මිනිසුන් තුළ පවත්නා මෙම ආවේග කුපිත කරවීමෙන් මාධ්‍ය කලාව සහ කර්මාන්තය පවත්වාගෙන යාමක් ද දක්නට පුළුවන.
මිනී මැරුම් ඇතුළු දාමරික ක්‍රියා මාධ්‍ය මඟින් හුවා දැක්වීම,ලිංගිකත්වය පදනම් වන තොරතුරු,පුවත් සහ රූප කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම,රෝග බියේ සිට හදි හූනියම්,හොල්මන් අවතාර සහ නව ග්‍රහ භීතිය ඇතුළු අනේක විධ ගුප්ත භීතිකාවන් මාධ්‍ය මඟින් ප්‍රවර්ධනය කිරීම මේ සම්බන්ධ සුලබ සිදුවීම් ලෙස දැක්විය හැක.
මේ අතර සමාජයේ විවිධ තරාතිරම් වල පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු මත පදනම් වන ඕපාදූප හෙවත් “ගොසිප්”මාධ්‍ය කලාවක් ද අද වන විට මාධ්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය උප සංස්කෘතියක් බවට පත් ව තිබේ.නමුදු ගවේෂණාත්මක මාධ්‍යකරණය හා සබැඳි යම් මාධ්‍ය අනාවරණයක් ද මතු පිටින් ජනප්‍රිය ව්‍යවහාරයට අනුවම කිවහොත් “ගොසිපක්” සේ යමකුට හැඟී යා හැක.
එහෙත්, එම පුවත සම්ප්‍රේෂණය කිරීම මඟින් සිදුවන පොදු සමාජමය යහපත පිළිබඳව විමසා බැලීමේ දී එය ගොසිප් අතරින් ඉවතට ඇද ගැනීමට පුළුවන.”ගොසිප”යනු එලෙස පොදු සමාජ මෙහෙවරක් සිදු නොවන හා ජනතාවගේ භාවයන් සමඟ මිස ප්‍රඥාව හා කිසිදු සබැඳියාවක් නොමැති
පුහු,නිසරු ඕපාදූපයකි.
මෙම ඇතැම් පුවත් සමාජයට වැඩදායී නොවන අතර තවත් කොටසක් ජීවිත පරිඥානයෙන් තොර පුද්ගලයන් නොමඟට යොමු කරවන ඒවා ද විය
හැක.මගේ වැටහීම අනුව මාධ්‍ය මඟින් වැඩකට නැති කුණු ගොඩවල් ඇවිස්සීම යන නිර්වචනය හා සැසඳෙනුයේ අලෙවිය සහ බාල බොළඳ ප්‍රචාරණය මත පදනම් වන එම ඕපාදූප මාධ්‍යකරණය පමණි.
අද අප රටේ මාධ්‍ය සංස්කෘතිය පිළිබඳව විමසීමේ දී රාජ්‍ය මාධ්‍ය සහ රාජ්‍ය
පාක්ෂික මාධ්‍යයන් ද වෙන් කොට හඳුනා ගත හැක.ඒ එම මාධ්‍ය මඟින් ප්‍රචාරය කෙරෙන තොරතුරු සහ ඒවා විශ්ලේෂණය කරන අන්දම අනුව එම අනන්‍යතාව තහවුරු කරගත හැක.සමාජයේ විවිධ පිරිස් විසින් සමාජ ජාලා ඔස්සේ කඩේ යාම් රෙදි සේදීම් ආදී උපහාසාත්මක නම් වලින් එම මාධ්‍ය ක්‍රියාකාරිත්වයන් හඳුන්වනු ලැබේ.
මේ අතර රාජ්‍ය යාන්ත්‍රණයේ සිට සමස්ත සමාජ ප්‍රපංචය කෙරෙහිම විවේචනාත්මක ද්‍රෂ්ටියක් එල්ල කෙරෙන මාධ්‍ය ස්වාධීන මාධ්‍ය ලෙස ද එම මහා සම්ප්‍රදායට අයත් නොවන වෙනයම් මාධ්‍ය විකල්ප මාධ්‍ය ලෙස ද හඳුන්වනු ලැබේ.
ඒ කෙසේ හෝ මෙහි ඉහත සඳහන් කර පරිදි සමස්ත සමාජ යාන්ත්‍රණයේම අඩු පාඩු ,අක්‍රමිකතා ප්‍රසිද්ධියේම පෙන්වා දීම මුල් කොට ගත් ජන මාධ්‍යයේ මුඛ්‍ය කාර්ය භාරය ඉටු කිරීමට ගොස් අකාලයේ ජීවිත අහිමි කර ගත් ,නිත්‍ය ආබාධ වලට පත්,වෙනයම් දරුණු වධ වේදනාවන්ට ලක් වූ ,බන්ධනාගාර ගත වූ තම දරු පවුල් අහිමි කර ගත් සේම සදහටම අතුරුදන් වූ මාධ්‍යවේදීන් දහස් ගණනකි.ඒ ආකාරයේ සකල විධ තාඩන පීඩන වලට කල් වූ ශ්‍රී ලාංකීය මාධ්‍ය වේදීන් ගෙන් ද කිසිදු “අග හිඟයක්”:
නැත.
අද අප රටේ මාධ්‍ය සංස්කෘතිය පිළිබඳව විමසීමේ දී රාජ්‍ය මාධ්‍ය සහ රාජ්‍ය
පාක්ෂික මාධ්‍යයන් ද වෙන් කොට හඳුනා ගත හැක.
ඒ එම මාධ්‍ය මඟින් ප්‍රචාරය කෙරෙන තොරතුරු සහ ඒවා විශ්ලේෂණය කරන අන්දම අනුව එම අනන්‍යතාව තහවුරු කරගත හැක.සමාජයේ විවිධ පිරිස් විසින් සමාජ ජාලා ඔස්සේ “කඩේ යාම්” “රෙදි සේදීම්” ආදී උපහාසාත්මක නම් වලින් එම මාධ්‍ය ක්‍රියාකාරිත්වයන් හඳුන්වනු ලැබේ.
මේ අතර රාජ්‍ය යාන්ත්‍රණයේ සිට සමස්ත සමාජ ප්‍රපංචය කෙරෙහිම විවේචනාත්මක ද්‍රෂ්ටියක් එල්ල කෙරෙන මාධ්‍ය ස්වාධීන මාධ්‍ය ලෙස ද එම මහා සම්ප්‍රදායට අයත් නොවන වෙනයම් මාධ්‍ය විකල්ප මාධ්‍ය ලෙස ද හඳුන්වනු ලැබේ.ඒ කෙසේ හෝ මෙහි ඉහත සඳහන් කර පරිදි සමස්ත සමාජ යාන්ත්‍රණයේම අඩු පාඩු ,අක්‍රමිකතා ප්‍රසිද්ධියේම පෙන්වා දීම මුල් කොට ගත් ජන මාධ්‍යයේ මුඛ්‍ය කාර්ය භාරය ඉටු කිරීමට ගොස් අකාලයේ ජීවිත අහිමි කර ගත් ,නිත්‍ය ආබාධ වලට පත්,වෙනයම් දරුණු වධ වේදනාවන්ට ලක් වූ ,බන්ධනාගාර ගත වූ ,තම දරු පවුල් අහිමි කර ගත් සේම සදහටම අතුරුදන් වූ මාධ්‍යවේදීන් දහස් ගණනකි.ඒ ආකාරයේ සකල විධ තාඩන පීඩන වලට කල් වූ ශ්‍රී ලාංකේය මාධ්‍ය වේදීන් ගෙන් ද කිසිදු “අග හිඟයක්”:
නැත.
ලොව පුරා සිදු වූ සමාජ පරිනාමයේ දී පාලකයන් විසින් උදුරා ගෙන තිබූ ජනතාවට හිමි අයිතීන් ජනතාවට ලබා දීම සඳහා සිදු කළ සමාජ අරගලය රාජ්‍ය ද්‍රෝහී කමක් සේ අර්ථ ගන්වමින් එම පුවත් පත් කතුවරුන් හට ප්‍රසිද්ධියේ කස පහර දීම,හංවඩු තැබීම,කන් නාසා කැපීම ආදී කුරිරු දඬුවම් දාහත් වන සියවසේ මුල් භාගයේ එංගලන්තයේ පවා සිදු වී තිබේ.
පසුව සමාජ පරිනාමයත් සමඟ එම පුවත් පත් කතු වරුන්ට එරෙහි ව දහ අට වන සියවසේ අපහාස පනතක් සම්මත වූ අතර එසේ පුවත් පත් වලට එරෙහිව නඩු පවරා ගැනීම එම පුවත් පත් වල ජනප්‍රියත්වය පිණිස ගනු ලබන
උපාය මාර්ගයක් ලෙස 1832 වසර් දී එංගලන්ත නීතිපති වරයා ප්‍රසිද්ධියේම කියා ඇත.පසුව මෙම සමාජ අරගල කොතෙක් පල දරා තිබේ ද යත් මහා බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති වින්සන්ට් චර්චිල් ගේ මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වනු ඇත.
“නිදහස් මිනිසුන් අගය කරන්නා වූ සෑම අයිතියක් වෙනුවෙන්ම නොනිඳා හිඳින මුරකරුවෙකු වේ නම් ඒ ස්වාධීන පුවත් පතයි”ඒ අනුව රාජ්‍ය පාක්ෂික භාවය උදෙසා උත්තරීතර සත්‍යය යටපත් නොකොට ජනතාවගේ පාර්ශවය ගන්නා ස්වාධීන මාධ්‍ය වේදීන් විසින් කරනු ලබන සමාජමය කුණු ඇවිස්සීම කෙතරම් උතුම් වගකීමක්,යුතුකමක් හා සමාජ මෙහෙවරක් ද යන්න අප වටහා ගත යුතුය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ
කථිකාචාර්ය ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර