පෑලියගොඩ මාළු වෙළෙඳපොළ අරින්නැයි ඇමති ඉල්ලයි

November 17, 2020

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය නැවත කඩිනමින් සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුගත වෙමින් විවෘත කරන බවත් එහි දී තොග වෙළදාම  පමණක් පළමුව සිදුකරන්නට අවශ්‍ය කටයුතු සිදු කෙකෙරමින් පවතින බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රාකාශ කළේය.

එහි දී පැමිණෙන සියලු වෙළදමහතුන් ලියා පදිංචි කර ගැනීමට කටයුතු කර නව ක්‍රමවේදයක් ඔස්සේ කටයුතු කරන ලෙසත් මුදල් නෝට්ටු භාවිතය වෙනුවට ‘කිව් ආර්’ ක්‍රමය භාවිතා කරමින් ගනුදෙනු කිරීම සදහ ලංකා බැංකුව සමග ඒකාබද්ධ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

t

o

p