නුවරඑලිය දිස්ත්‍රික්කයේ වතු ආශ්රිත ප්‍රදේශවලින් මේ වන විට රෝගීන් 40කට ආසන්න පිරිසක් හදුනාගෙන තිබියදිත් එළඹෙන දිපාවලි උත්සවයට භාණ්ඩ මිල දි ගැනිමට හැටන් නගරයට විශාල පිරිසක් පැමිණ ඇත.
අඹගමුව කොවිඩ් 19 ප්‍රාදේශිය සම්බන්ධිකරණ විශේෂ ඒකකයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් පුද්ගල දුරස්ථභාවය රදා පවත්වා ගනිමින් සෞඛ්‍යය උපදෙස් වලට අනුකුලව ව්‍යාපාර කටයුතු සිදු කරන ලෙසට උපදෙස් ලබා දි තිබියදිත් හැටන් නගරයේ ඇතැම් ව්‍යාපාරිකයන් එම උපදෙස් නොපිලිපදිමින් තම ව්‍යාපාර කටයුතු සිදු කරන ආකාරයක් පෙනී යයි.
දිපවාලි උත්සවය මේ මස 14 දිනට යෙදි ඇත.