බස්නාහිරට ඇතුළුවිය හැකියි පිටවිය නොහැකියි

November 12, 2020

කිසියම් අයෙකුට යම් කටයුත්තක් වෙනුවෙන් බස්නාහිර පළාත තුළට පැමිණීමට පිට පළාතක සිට අවසර ඇති නමුත් යළි ලබන ඉරිදා(15) තෙක් බස්නාහිරෙන් පිටවීමට අවසර හිමි නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.  

එසේ බස්නාහිර පළාත තුළට පැමිණෙයි නම් ලබන ඉරිදා තෙක් එම පුද්ගලයින් බස්නාහිර පළාත තුළ රැදී සිටීමේ වැඩපිළිවෙලක් ද කල් තියා සූදානම්කර ගෙන පැමිණීම අවශ්‍යවේ.  

මේවන විටත් බස්නාහිර පළාත තුළ පදිංචි අයෙක් වෙනත් පළාතක සිටියි නම් ඔවුන්ටද පළාතට ඇතුළුවීමේ හැකියාව පවතී.

t

o

p