Stay Safe ජංගම දුරකථන යෙදුම් භාගත කරගැනීමෙන් වලකින්න

November 11, 2020

රජය විසින් හදුන්වාදුන් කොවිඩ් ට්‍රේසර් මෘදුකාංගයට අමතරව තවත් විවිධ පාර්ශව විසින් පුද්ගලයන් සංචරණය කරනු ලබන ස්ථාන පිලිබදව නිරීක්ෂණය කිරීම සදහා Stay Safe, Stay Win වැනි විවිධ නාමයන් භාවිතා කරමින් විවිධ වූ ජංගම දුරකථන යෙදවුම් හදුන්වා දීමට කටයුතු කර ඇත.

විවිධාකාර නාමයන්ගෙන් හදුන්වනු ලබන මෙම යෙදුම් පිලිබදව සොයාබැලීමේදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වන අප වෙත දැකගතහැකි මූලික කරුණක් නම් මෙම බොහොමයක් ජංගම දුරකථන යෙදුම් නිර්මාණය කල පිරිස් මෙම යෙදුම් මගින් ජනතාවගෙන් ලබාගන්නා දත්ත මොනවාද, එම දත්ත ආරක්ෂා කිරීමට ලබාගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවාද, එම දත්ත විශ්ලේෂණයට අවසර ඇත්තේ කාහටද, එම දත්ත වෙනත් තෙවන පාර්ශවයකට හෝ වෙනත් පාර්ශවයක් වෙත ලබාදෙන්නේද යන්න සදහන් කිරීමට අපොහොසත් වී ඇති බවයි. 


ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

t

o

p