සදුදා සිට ඇඳිරි නීතිය ඉවත් වන ලකුණු

November 5, 2020

ලබන සඳුදායින් පසුව නිරෝධායන ඇඳිරි නීතිය යොදවා රට වසා තැබීමට කිසිදු අදහසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නොමැති බවත් රටේ බහුතර ජනතාව අත්විදින ගැටළු ගැන අවධානය යොමු කොට සියලු පුරවැසියන් සෞඛ්‍යාරක්ෂිතව කොවිඩ් ආසාදිතයෙක් නොවී කටයුතු කිරිමට පියවර ගත යුතු බව යුද හමුදාපති සඳහන් කර සිටිනවා.

ලබන සඳුදා උදෑසන 5.00 පසුව බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරි නීතිය ඉවත් කිරිමට බලාපොරොත්තුවන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී ජනාධිපතිතුමා විසින් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බවත් ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් කටයුතු කිරීම මගීන් මෙම වෛරසය පාලනය කිරීමට හැකිබව හමුදාපතිවරයා සඳහන් කර සිටියා.

t

o

p