STF කඳවුරු තුනක් හුදකලා කරයි

November 4, 2020

පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් කඳවුරු තුනක් හුදකලා කිරීමට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා.

එම මධ්‍යස්ථානය කියා සිටියේ කැලණිය, කළුබෝවිල සහ රාජගිරිය යන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු මෙලෙස හුදකලා කිරීමට තීරණය කෙරුණු බවයි.

මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් 56 දෙනෙකු ඇතුළුව පොලිස් නිලධාරීන් 183 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

t

o

p