නොමිලේ DATA දෙන බවට පවසන වංචනික පණිවිඩ නැවතත් සමාජ මාධ්‍ය තුල

November 3, 2020

රජය නොමිලේ දත්ත ලබාදෙන බවට පවසන පණිවිඩ වට්සැප් ඇතුළු වෙනත් සමාජ මාධ්‍ය යෙදුම් හරහා මේ දිනවල සංසරණය වන බවට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි වාර්තා වී තිබේ.

මෙම පණිවිඩ සමග පැමිණෙන යොමු (link) ක්ලික් කොට එය තවත් සමාජ මාධ්‍ය පරිශීලකයන් 20 කට හෝ ඊට වැඩි සංක්‍යාවක් දක්වා හුවාමාරු කරගෙන ඔබගේ පෞද්ගලික විස්තර ආදිය ලබාදී රජය විසින් ප්‍රදානය කරනු ලබන දත්ත ලබාගත හැකි බව එම පණිවිඩයේ වැඩිදුරටත් සදහන් වේ. 

මෙම පණිවිඩය මේ දිනවල ඔන්ලයින් ක්‍රමයට ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදුකරන ගුරුවරුන්ද තම සිසුන්වෙත කිසිදු සොයාබැලීමකින් හෝරාව හුවමාරුකොටගෙන ඇති නිසා බොහෝ විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම පාසැල් සිසුන්ද වැඩි වශයෙන් මෙම වංචනික පණිවිඩයට හසුවී ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට ලද පැමිණිලි අනුව නිරීක්ෂණය වී තිබේ.

මෙවැනි ව්‍යාජ පණිවිඩ හරහා අනිෂ්ට මෘදුකාංග ඔබගේ ජංගම දුරකතනයට ස්ථාපනය කිරීමට කටයුතු කිරීම මෙන්ම ඔබගේ සංවේදී දත්ත හා සමාජ මාධ්‍ය ගිණුම් පැහැරගැනීමට හැකි බව අප  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට පෙන්වා දෙමු. මේ හේතුවෙන් සැක කටයුතු පණිවිඩ වල පැමිණෙන යොමු (link) ක්ලික් කිරීමට යාමෙන් වලකින ලෙස අප සංගමය ජනතාවට දැනුම් දෙමු.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

t

o

p