මාරවිල සුනඛයෙකු වසදී මරලා!

November 2, 2020

මාරවිල,ලංසිගම මොරටුවත්ත ප්‍රදේශයේදී නිවසක ඇතිකරන “කොටා” නම් සුනඛ සුරතලාට කිසියම් පුද්ගලයෙකු විසින් වස දී ඇත.

අදාළ සුනඛයා ඇතිකරන නිවසේ හිමිකාරියක් විසින් මේ සම්බන්ධයෙන් සත්වයින් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින සංවිධානයක් වන Save a Paw වෙත දැනුම් දී ඇති අතර එම සංවිධානයේ කැදවුම්කාරිනිය වන ශිවන්ති සන්සෝනි මහත්මිය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඇත.

වස දී ඇතිබවට සැකකරන පුද්ගලයා ද මේ වනවිට සුනඛයාගේ හිමිකරුවන් විසින් හදුනාගෙන තිබේ. සුනඛයාගේ හිමිකරුවන් ඊයේ දවල් මේ සම්බන්ධයෙන් මාරවිල පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

මෙම සිදුවීම සිදුවී ඇත්තේ ඊයේ පෙරවරු 6.45ට පමණ සුනඛයා එළියට ගිය
අවස්ථාවේදීය. සුනඛයාගේ මරණ පරීක්ෂණය මේ වනවිට Save a Paw සංවිධානය විසින් සිදුකර ඇත. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ ද සුනඛයාට වස දී ඇති බව තහවුරුවී තිබේ.

මේ ආකාරයට සුනඛයන්ට වස දීමේ ක්‍රියාවලිය කෙතෙක් ප්‍රබලව සිදුවන්නේ ද යත් මෑත කාලය තුළ දී පමණක් එම ප්‍රදේශයේ සුනඛයින් 08 දෙනෙකුට පමණ වසදී ඇති බවට තොරතුරු ඇති බව එම සංවිධානය පවසයි පසුගිය කාලයේ සුනඛයින් සිදුවූ අපරාධ සිදුවීම් කීපයකදීම Save a Paw සංවිධානය මැදිහත්වී ඒවාට එරෙහිව නීතිමය කටයුතු සිදුකරනු ලබයි.

පසුගිය දෙසැම්බර් 31 වනදා මීගමුව,කොප්පරා හන්දිය ප්‍රදේශයේ නිවසක කොටුවක් තුළ සිටි “චාලි” නම් සුනඛයෙකුට ගිනිතැබීමේ සිදුවීම සහ පසුගිය මැයි 07 වනදා[වෙසක් පුන් පෝදා] පෙරියමුල්ල ප්‍රදේශයේ දී “මැක්ස්” නම් සුනඛයාට වෙඩිතබා ඝාතනය කිරීම් යන අපරාධ වලට නීතිමය මැදිහත්වීම් වෙනුවෙන් Save a Paw සංවිධානය ඉදිරිපත් ව සිටියි.

මේ අතර අප වෙත ලැබුණු විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් තහවුරු වූ අන්දමට මෙම සත්ව හිංසනයන්ට එරෙහිව ප්‍රදේශයේ ආගමික නායකයන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන අතරේ ඉන් සමහරෙක් ඊට අනියමින් සහාය දක්වා තිබේ.

t

o

p