දිස්ත්‍රීක්ක අතර සංචරණය තහනම්

November 2, 2020

ආහාර හා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය සේවා බෙදා හැරීම හැර දිස්ත්‍රික්ක අතර සංචරණය තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් ඊයේ (01) රැස් වූ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකාය තීරණය කළේය.

මේ කාලසීමාව තුළ සාමාන්‍ය පරිදි ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකරන ලෙසට ද ජනාධිපතිවරයා පොලීසියට උපදෙස් දුන්නේය.

පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යාම වෙනුවට තම නිවෙස් තුළම නිරෝධායනයට රජය ගත් පියවර සාර්ථික ප්‍රතිඵල ගෙන දෙමින් තිබෙන බවත් මේ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කිරීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පොලීසීය සහ යුද හමුදාව යන අංශවල අධීක්ෂණයට නිරන්තරයෙන් ලක් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

නිවෙස්වල නිරෝධායනය වන පුද්ගලයන්ගේ PCR පරීක්ෂණ 10 වන දිනයේ දී කළ යුතු බව පැවැසූ ජනාධිපතිවරයා ප්‍රතිඵල අනුව ආසාදනයට ලක් නොවූවන් දින 14කට පසු සාමාන්‍ය ජන ජීවිතයට යොමු කරන්නැයි සෞඛ්‍ය බලධාරීන්ට නියම කළේය.

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකායේ සාමාජිකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ (01) පැවැති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

t

o

p