මෙරට දී හමුවු ආසාදිතයින් ගණන 10 500 ඉක්මවයි

November 1, 2020

මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 10,500 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (31) දිනය තුළ මෙරටින් නව ආසාදිතයින් 239 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 10,663 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ හඳුනාගත් නව ආසාදතයින් අතර පෑලියගොඩ සහ ධීවර වරායන්වල ආශ්‍රිතයින් 180 දෙනෙකු වන  වාර්තා වේ.

සෙසු ආසාදිතයින් 59 දෙනා නිරෝධායන මධ්‍යස්ථාවලින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර 7,185 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

t

o

p