ගමනා ගමනයට රාජකාරී හැඳුනුම්පත භාවිත කළ හැකි ආයතන

November 1, 2020

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල රාජකාරී සේවා ස්ථාන කරා ගමන් කිරීමේදී හා පිටවීමේදී ඇඳිරි නීති බලපත්‍ර ලෙස සිය සේවා හැඳුනුම්පත භාවිතා කළ හැකි රාජ්‍ය ආයතන ඇතුළු ආයතන 80 කට අධික සංඛ්‍යාවක් පිළිබඳ විශේෂ චක්‍රලේඛයක් පොලිසිය නිකුත් කර තිබේ.

මේ අයට රාජකාරී සඳහා ගමන් කිරීමකදී පොලිසියට ගොස් අමතර බලපත්‍ර ලබාගැනීම වෙනුවට සිය හැඳුනුම්පත පිළිගත් ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකිය. කෙසේ වෙතත් පුද්ගලික ගමන් සඳහා එය අවභාවිත කරන්නට බැරි බවද චක්‍රලේඛයේ දැක්වේ.

t

o

p