ඇදිරි නීතිය කඩ කළ 221 දෙනෙකු අත්අඩංගුවට

October 31, 2020

ගත වූ පැය 24 තුළ නිරෝධායන ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 221 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාල සීමාව තුළ රථවාහන 40 ක් ද පොලිසිය භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

මුව ආවරණ පැළද නොසිටි පුද්ගලයින් 39 දෙනෙකු ද ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ.

t

o

p