අනුරපුර පුදබිමේ අසරණ සතුන්ගේ සාගිනි නිවමු

October 25, 2020

වත්මන් කොරෝනා වසංගතය හේතුවෙන් අනුරාධපුර පූජා නගරය වන්දනා කරුවන් ගෙන් තොර හිස් බිමක් බවට පත් වෙමින් තිබේ.

ඒ තත්වය යටතේ පූජා නගරය ආශ්‍රිත හත් සියයක් පමණ වන නිවාස අහිමි සුනඛයන් ඇතුළු මානව ජනාවාස ආශ්‍රිත සත්ව ප්‍රජාව බරපතල ආහාර අහේනියකට මුහුණ දී හිඳිති.

මෙම තත්වය වටහා ගත් අහිංසා ශ්‍රී ලංකා අනුබද්ධිත අනුරාධපුර පූජා නගර සත්ව ආරක්ෂක බලකාය අනුරාධපුර අටමස්ථාන ආශ්‍රිතව එම සතුන්ගේ සාගිනි නිවීමේ මූලික වැඩ සටහනකට මුල පුරා තිබේ.

පේෂල සඳුන්ගේ මූලිකත්වයෙන් සහ එම බලකායේ නියාමක වරුන් වන අමිත්
උදයංග සහ රුවන් ජයලත් [ජාදු ජාදු] යන අයගේ සංවිධායකත්වයෙන් පැවැති මෙම අනුරාධපුර පූජා නගරය ආශ්‍රිත සතුන්ගේ සාගිනි නිවීමේ වැඩ සටහනට සුරාජ් සාලිය සහ සඳුනිකා ඇතුළු තවත් පිරිසක් මහත් කැප වීමෙන් යුතුව ඉදිරිපත් ව සිටියහ.

මෙහිදී පාරම්පරික වශයෙන් වන්දනා කරුවන් ගෙන් යැපුණු වානර ප්‍රජාව සහ පූජා නගරයේ ආහාර පාන අලෙවි සල් ආශ්‍රිතව දිවි ගෙවූ බළලුන් ද ආහාර
නොමැතිව මහත් අසරණ තත්වයෙන් පසු වනු දක්නා ලදී.”අනුරාධපුරයට එන වන්දනා කරුවන් අඩු වීමත් එක්ක මේ ප්‍රදේශයේ ජන ජීවිත මුළුමනින්ම බිඳ වැටෙනවා.

මේ දවස් වලත් ඒ තත්වය බරපතල විදිහට උද්ගත වෙලා තියනවා.ඒ මත මේ ප්‍රදේශයේ සමහරුන් අද සුනඛයකුට බත් කටක් දී ගන්න බැරි මට්ටමට අසරණ වෙලා,ඒ හින්දා දැන් බාහිර පිරිස් මේ මිනිස් සහ සත්ව ජීවිත කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි’ මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අනුරාධපුර රුවන්වැලි සෑ විහාරයේ කැප කරු, පූජා නගර සත්ව ආරක්ෂක බලකායේ උප ලේකම් මුතුබණ්ඩා දසනායක මහතා කීය.

ඒ අනුව අනුරාධපුර අටමස්ථාන ආශ්‍රිත සතුන්ගේ සාගිනි නිවීමේ වැඩ සටහනක් සඳහා අනුරාධපුර පූජා නගර සත්ව ආරක්ෂක බලකාය හා එක්ව සක්‍රීය දායකත්වයක් දැක්විය හැකි ඔබට 0760016496, 0716964864 හෝ 071 7623196 යන දුරකතන අංක මඟින් ඒ සම්බන්ධ වැඩි විස්තර දැන ගත හැකිය.

t

o

p