මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුර 4050 දක්වා ඉහළට

October 25, 2020

කොරෝනා ආසාදිතයින් 368 දෙනෙකු ඊයේ (24) හඳුනා ගැනුණි.

රජයේ දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් මේ වනවිට අසාදිතයින් 4050 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7521 කි.

3714 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මෙරට 15 වැනි කොරෝනා මරණය ඊයේ (24) පෙරවරුවේ වාර්තා විය.

t

o

p