ගාල්ල ධීවර වරායෙන් ආසාදිතයින් මතුවේ – ධීවර කාර්මිකයෙකු මියයයි

October 24, 2020

ගාල්ල ධීවර වරායේ සිටි ධීවර කාර්මිකයෙකු හදිසියේ රෝගාතුරවී ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසනවා.

මොහු ගාල්ල ධීවර වරාය පරිශ්‍රය තුල සිටියදි පපුව රිදෙන බව පවසා ඇති අතර ඔහු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමට කටයුතු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේවෙතත් රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මෙම ධීවරයා මියගොස් ඇති අතර පි.සි.ආර්. පරික්ෂණ සදහා ඔහුගේ සිරුරෙන් සාම්පල් ලබාගෙන ඇති බවද පොලිසිය පවසයි.

මියගිය ධිවර කාර්මිකයාගේ හදිසි මරණ පරික්ෂණය අද (24) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්විමට නියමිතව තිබේ.

මේ අතර ගාල්ල ධිවර වරාය ආශ්‍රිතව ආසාදිතයින් 05 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වුණා.

t

o

p