හෝමාගම පොදු වෙළෙඳපොල වසා දමයි

October 23, 2020

හෝමාගම ප්‍රාදේශිය සභාවට අයත් වෙළෙඳ සංකීර්ණයේ මාළු වෙළෙඳසැළෙහි හිමිකරු කොවිඩ් 19 ආසාදිතයෙක් ලෙස හඳුනාගැනීමත් සමඟ හෝමාගම පොදු වෙළෙඳපොල වසා දැමීමට කටයුතු කර තිබේ.

එම පුද්ගලයා ආසාදිතයෙක් බවට අනාවරණය වීමත් සමග එම මාළු වෙළෙඳසැළද වසා දැමීමට කටයුතු කර ඇත.

එමෙන්ම එම හිමිකරුගේ පවුලේ අය සහ වෙළෙඳසැළේ සේවකයින් 17 දෙනෙකු ද මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පැවසීය.

t

o

p