දෙහිවල මධ්‍යම වෙළඳ සංකීර්ණයට මුද්‍රා තබයි

October 23, 2020

දෙහිවල මධ්‍යම වෙළඳ සංකීර්ණයේ පිහිටි මාළු වෙළෙඳ සල් සඳහා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පළේ සිට ලොරි රථයකින් මාළු රැගෙන ආ පුද්ගලයකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු (22) දින සිට නැවත දැනුම් දෙනතුරු දෙහිවල මධ්‍යම වෙළඳ සංකීර්ණය මුද්‍රා තබා සම්පූර්ණයෙන්ම වසාදැමු බව දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.බී අජිත් සංජීව මහතා පැවසීය.

මෙම වෙළඳ සංකීර්ණයේ පිහිටි මත්ස්‍ය වෙළෙඳ සල් සඳහා පෑලියගොඩ සිට හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමග මසුන් රැගෙනවිත් ඇති බවත් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු මිලදී ගන්නා වෙළඳුන්ට සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයෙන් මෙම පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය.

t

o

p