නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්ට මිලියන 12ක දඩයක්

October 14, 2020

මෙරට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් තිරෝස් හිල්යාස් අධිකරණය හමුවේ අද (14) වරද පිළි ගත්තා.

ඒ අනුව රුපියල් මිලියන දොළහක දඩයක් ඔහුට නියම කිරීමටයි කොළඹ මහධිකරණ විනසුරු ධම්මික ගනේපොල මහතා අද (14) නියම කළේ.

අදාළ දඩ මුදල ගෙවීමෙන් පසු විත්තිකාර කපිතාන්වරයා මුදා හරින ලෙසද විනිසුරුවරයා නියෝග කළා. විත්ති පාර්ශ්වය අද ඉදිරිපත් කළ මෝසමකට අනුව නඩුව කොළඹ මහධිකරණයේ කැදවනු ලැබුව‌ා.

තිරෝස් හිල්යාස් නැමති ග්‍රීක ජාතික කපිතාන්වරයාට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසු ඔහු එම චෝදනාවලට වරද පිළිගන්නා බව ප්‍රකාශ කළා. ගින්න ඇතිවූ අවස්ථාවේදී නෞකාවේ ස්වයංක්‍රීය ගිනි නිවීමේ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට විත්තිකාර කපිතාන්වරයා අසමත් වූ බවට චෝදනා කර සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ඔහු එසේ ක්‍රියා කර තිබුණේ නම් සිදුවූ විශාල අනතුර වලක්වා ගැනීමට හැකිවූ බව සදහන් කළා.

t

o

p