පොලිස් බලප්‍රදේශ 17 ක් සඳහා නිරෝධායන ඇදිරි නීතිය

October 7, 2020

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් බලප්‍රදේශ 17 ක් සඳහා නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබෙනවා.

මේ අනුව ගම්පහ, ගනේමුල්ල, කිරිඳිවැල, දොම්පේ, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, මිනුවන්ගොඩ, විරගුල, වැලිවේරිය, පල්ලේවෙල, යක්කල යන ගම්පහ කොට්ඨාශයේ පොලිස් බලප්‍රදේශ 14 සඳහා ඇදිරි නීතිය පනවා ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

මීට අමතරව කැලණිය කොට්ඨාශයේ ජා ඇල සහ කදාන පොලිස් බලප්‍රදේශවලටත්, මීගමුව කොට්ඨාශයේ දිවුලපිටිය පොලිස් බලප්‍රදේශයටත්, නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබෙනවා.

t

o

p