කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිරිසිදු කිරීමේ අංශයේ සේවයේ නියැලී සිටි සේවිකාවකටද කොරෝනා වසංගත රෝගී තත්වය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය මහතා පවසනවා.
මේ වනවිට මෙම සේවිකාව මීගමුව මහ රෝහලේ සිට වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ අයි ඩී එච් රෝහල වෙත මාරු කර යැවුණා. මේ අතර කටුනායක ගුවන් තොටුපළ තුළ ඇය සමීපව ඇසුරු කළ සේවකයින්ගේත් පී සී ආර් පරීක්ෂණ සඳහා සෙම පටල ලබාගැනීම සිදුකිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.