දොළුකන්ද ආරණ්‍ය සේනාසනය විනාශමුඛයේ

October 2, 2020

වසර 15ට පෙර ජනතාවගෙන් පිරී ඉතිරී ගිය දොළුකන්ද ආරණ්‍ය සේනාසනයේ අද පවතින්නේ දැඩි පාළු ස්වභාවයකි.

පාර්ශව කිසිවෙකුගේ අවධානයට ලක්නොවීම මීට හේතුව බව දොළුකන්ද ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති පූජ්‍ය වේදිනියේ නන්දසීල හිමි පවසති.

දොළුකන්ද ආරණ්‍ය සේනාසනය පිහිටා තිබෙන්නේ වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයෙය.

කලකට පෙර මෙරට ජනතාව වැල නොකැඩී මෙම සේනාසනයට පැමිණි බව විහාරාධිපති හිමියන් පැවසීය.

ඒ දොළුකන්දේ ජලය පානය කිරීමෙන් ලෙඩ රෝග සුව වන බවට විශ්වාස කරමිනි.

අද වන විට දොළුකන්දේ පවතින්නේ පාළු ස්වභාවයකි.

t

o

p