කැලණි සරසවියට පළමු වරට උපකුලපතිනියක්

August 29, 2020

කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයේ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා වැඩ භාර ගෙන තිබේ.

එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයට පත්වූ පළමු කාන්තා උපකුලපතිවරිය ලෙස ඇය ඉතිහාස ගතවනු ඇත.

මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය 1986 වසරේ දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ඇති අතර එක්සත් රාජධානියේ වෛද්‍ය විද්‍යාලයකින් වෛද්‍ය පරපෝෂිත විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ලබාගෙන තිබේ.

t

o

p