උම්බලකඩ සමඟ ම වේළෙන නිෂ්පාදකයෝ

August 28, 2020

උම්බලකඩ ආනයනය කිරීම නිසා සහ දේශීය උම්බලකඩවලට නිසි මිලක් නොමැතිකමින් දකුණු මුහුදු තීරය ආශ්‍රිත දේශීය උම්බලකඩ නිෂ්පාදකයින් අසීරුතාවට පත්ව සිටී.

ඔවුන් ඉල්ලා සිටින්නේ සහතික මිලක් යටතේ රජය විසින් උම්බලකඩ මිලදී ගෙන බෙදාහැරීමේ වැඩපිළි‍වෙළක් ක්‍රියාවට නංවන ලෙසය.

දකුණු මුහුදු තීරය ආශ්‍රිත කුඩාවැල්ල, කෝට්ටගොඩ, දෙවුන්දර, ගන්දර යනාදී ගම්මානවල ජනතාව ස්වයං රැකියාවක් ලෙස උම්බලකඩ නිෂ්පාදනයේ නිරතව සිටී.

මේ අයුරින් මෙරට තුළ නිෂ්පාදනය කරන උම්බලකඩ පිටරටින් ආනයනය කරන උම්බලකඩවලට වඩා රසින් සහ ගුණාත්මක භාවයෙන් ඉහළ බව කර්මාන්තයේ නිරතවූවන් පෙන්වා දෙයි.

t

o

p