ඉන්දියානු මහ කොමසාරිස් කථානායක හමුවේ

August 27, 2020

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා අද (27) පෙරවරුවේ ශ්‍රි ලංකාවේ පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසුනේය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මෙම අවසථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද සහභගී විය. මෙම හමුවීමෙන් පසු කථානායකතුමා විසින් ඉන්දියානු මහ කොමසාරිස්වරයා වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද පැවැත්වීය.

මෙය කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ කථානායකවරයා වශයෙන් පත්වීමෙන් අනතුරුව පැවති පළමු රාජතාන්ත්‍රික හමුවයි.

t

o

p