කොකාවිල් කුලුනට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට තිරණයක්

August 25, 2020

කිලිනොච්චිය කොකාවිල් ප්‍රදේශයේ පිහිටි බහුකාර්ය සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයට විශේෂ ආරක්ෂාවක් සැපයීමට කිලිනොච්චිය ආරක්ෂක සේනාංක මූලස්ථානය පියවර ගෙන තිබේ.

කිලිනොච්චිය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා එම ප්‍රදේශයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව කොකාවිල් කුලුනේ ආරක්ෂාව සඳහා පුහුණුව ලත් විශේෂ යුද හමුදා භටයන්ගෙන් සමන්විත ඒකකයක් යෙදවීමට තීරණය කොට ඇති අතර එම හමුදා සේනාංකයටද මෙම සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයෙන් සිදුවන සේවාවන් පිළිබඳව පුහුණුවක් දීමට තීරණය කොට තිබේ.

t

o

p