මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

August 2, 2020

මහ මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු මහ මැතිවරණයට අදාළ රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනා කිරීම, ගෙයින් ගෙට යාම, අත් පත්‍රිකා බෙදීම, ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම, පෝස්ටර්, දැන්වීම්, බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් වේ.

එක්සත් ජාතික පක්ෂයේ අවසන් ජන රැළිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන, ඩීන්ස් පාරේ දී පැවැත්වීමට නියමිතය.

t

o

p