ගෙදර ආර්ථිකය හදන්න පුළුවන් එජාපයට විතරයි

July 13, 2020

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන කොවිඩ් රෝගීන් පිළිබඳ වාර්තාවල සත්‍යතාවය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් උද්ගත ව ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කෑගල්ල ප්‍රදේශයේ ඊයේ (12) පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

දෙවැනි කොවිඩ් රැල්ල මේ වන විට ආරම්භ වී ඇති බව ද පැවසු රනිල් වික්‍රමසිංහ මහතා, ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200කට අධික මුදලක් ලබා දුන් බවත් එම මුදල්වලට කුමක් සිදුවුයේ දැයි ප්‍රශ්න කර සිටියේය.

එම මුදල් වියදම් කර තවත් පරීක්ෂණ පැවැත්විය හැකිව තිබූ බවත් සඳහන් කර සිටි වික්‍රමසිංහ මහතා, කොරෝනා පාලනය කර ගත නොහැකිව ගෙදර ආර්ථිකය පාලනය කරන්නේ කෙසේ දැයි ඇසීය.

එක්සත් ජාතික පක්ෂයට ගෙදර ආර්ථිකය හා කොරෝනා පාලනය කිරීමේ හැකියාව ඇති බවත් ඒ සඳහා මේ වරම ඉල්ලා සිටින බවත් පැවසීය.

t

o

p