කොවිඩ් හඳුනාගැනීමට සම්පූර්ණ ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක්

July 2, 2020

කොවිඩ් – 19 හඳුනාගැනීම වේගවත් කිරීමට සම්පූර්ණ ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක් අන්තර්ජාතික රොටරි සමාජය රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට පරිත්‍යාග කරයි.

සම්පූර්ණ ස්වයංක්‍රීය නව PCR යන්ත්‍රයේ වටිනාකම රුපියල් දෙකෝටි විසිලක්ෂය ඉක්මවයි. එමඟින් පර්යේෂණවලදී මුහුණපාන මානව සම්පත් හිඟය මඟහැරවීමට හැකිවීම විශේෂත්වයකි.

වේගවත් බව, ඉහළ නිරවද්‍යතාව සහ කාර්යක්ෂමතාව වැඩිකිරීමට ද නව යන්ත්‍රයට හැකි බව වෛද්‍යවරු පවසති.

ඉදිරියේදී මුහුණ පෑමට සිදුවිය හැකි වෙනස් ආකාරයක වෛරසයක් හඳුනාගැනීමට ද නව PCR යන්ත්‍රය යොදාගත හැකිය.

t

o

p