අරන්තලාව භික්ෂු ඝාතනය ගැන පරීක්ෂණයක් ඉල්ලයි

July 1, 2020

1987 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් අරන්තලාව භික්ෂු ඝාතන සිදු කළ දැනට ජීවතුන් අතර සිටින පුද්ගලයින්ට එරෙහිව වහාම පරීක්ෂණයක් පවත්වන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබෙන්නේ අරන්තලාව ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගත් ආඳාඋල්පත බුද්ධසාර හිමියන් විසිනි.

අරන්තලාව ප්‍රහාරයට සම්බන්ධ බොහෝ දෙනෙක් තවමත් ජීවතුන් අතර සිටින බව පවසන පෙත්සම්කාර හිමියන් ඔවුන් සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවත් පෙන්වා දෙති.

t

o

p